රට යථා තත්ත්වයට පත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ
Friday, 08 May 2020 - 13:49 | Views - 1,451

එළඹෙන 11 වන සඳුදා දිනයේ සිට රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන ක්‍රමවේදයන් ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ එම ගැසට් නිවේදනය මගින් නිරෝධායන නීති රීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය බලය හිමි වන බවයි.
ඇඳිරි නීතිය පවතිද්දී, ආර්ථික ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු එළඹෙන 11 වන දා සිට ආරම්භ කරන බව රජය පසුගිය සතියේ නිවේදනය කළා.
ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්තශාලා, වෙළදසැල් ආදී ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ද අවසර හිමි වනවා.
කෙසේ වෙතත්, එම කටයුතු සිදුවිය යුත්තේ රජය විසින් ගැසට් කරනු ලබන නිරෝධායන නියෝගයන්ට අනුකූලවයි.
එළඹෙන සඳුදායින් පසුව රැකියා සඳහා පිටත්ව යන පිරිස් සඳහා අදාළ ආයතනවල නියමය පරිදි අවස්ථාව හිමි වනවා.
කෙසේ වෙතත්, යම් නිවසක රැකියාව හෝ ව්‍යාපාරික කටයුත්තක් සඳහා පිටත්ව යන අයෙකු හැරුණු විට සෙසු මහජනතාව හැකිතාක් නිවසට සීමා විය යුතුයි.
යම් අත්‍යාවශ්‍ය කාරණයක් සඳහා ඔවුන් පිටත්ව යන්නේ නම් ඒ සඳහා රජය මීට පෙර ජාතික හැදුනුම්පතේ අවසන් අංකය සම්බන්ධව ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර ඇති බවට නිගමනය කළ හැකි බවයි.
කෙසේ වෙතත්, එහි ඉදිරි පැවැත්ම තීරණය වන්නේ ජනතාවගේ යහපැවැත්ම මත බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
Share This Article