තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන්
Friday, 08 May 2020 - 13:47 | Views - 1,850
මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 824ක් වන අතර පුද්ගලයින් 583 දෙනෙකු රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
ඊයේ හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින් 27 දෙනාගෙන් 24 දෙනෙකු වැලිසර නාවික හමුදා කදවුරේ නාවික සෙබලුන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආසාදිතයින් අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දෙදෙනෙකු සහ ඩුබායි සිට පැමිණ තවත් පුද්ගලයෙකු සිටින බවයි.
මේ අතර, මෙතෙක් සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා 13ක් පමණ දෝෂසහිත බව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති රවි කුමුදේශ් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සදහන් කළේ පසුගිය දා කොරෝනා ආසාදිත බවට තහවුරු කළ කිහිප දෙනෙකු පසුව එම වෛරසය ආසාදනය වී නොමැති බවට යළි ප්‍රකාශ කිරීම ගැටළුසහගත බවයි.
එම වාර්තා රජයේ වෛද්‍ය රසායනාගාරවලින් ලබාදුන් වාර්තා නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article