ලොවම කළඹමින් ටැන්සානියාවේ පැපොල් ගෙඩියකට කොරෝනා හැදුණු හැටි ජනපති හෙළි කරයි
Friday, 08 May 2020 - 13:12 | Views - 1,906
ටැන්සානියාවේ පැපොල් ගෙඩියකට කොරෝනා ආසාදනය වී ඇතැයි එරට ජනපති ජොන් මගුෆූලී පවසා තිබෙනවා.
 
ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ කොවිඩ්-19 වෛරසය ඇත්දැයි පරීක්ෂා කිරීමට විදේශවලින් ලැබුණූ පරීක්ෂණ කට්ටල දෝශ සහගත බව පෙන්වා දෙමිනුයි.

ටැන්සානියාව නැගෙනහිර අප්‍රිකා රාජ්‍යයක්. ඇමරිකාවේ ජොන් හොප්නික්ස් විශ්ව විද්‍යාලයට අනුව මේ වන විට ටැන්සානියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 480ක් හමුවී තිබෙනවා. වෛරසය හේතුවෙන් එරට මිය ගිය ගණන 16ක්.
 
කොවිඩ්-19 ව්‍යාප්තියත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වී අප්‍රිකා රටවල්වලට කොවිඩ්-19 පරීක්ෂණ කට්ටල ලබා දීම සිදු කෙරුණා.
 
ජනාධිපති දෝශ සහිත බව පෙන්වා දී ඇත්තේ මෙම පරීක්ෂණ කට්ටලයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එරට ජාතික රූපවාහිනිය ඔස්සේ සහේලි බසින් ජනතාව අමතමිනුයි.
 
"විදේශවලින් ලැබුණු පරීක්ෂණ කට්ටල දෝෂ සහිතයි. කොරෝනා ආසාදනය වී නැහැ කී බොහෝ දෙනෙකු ආසාදිතයින් බව පසුව අනාවරණය වුණා. අපේ වෛද්‍ය පර්යේෂකයින් පැපොල් ගෙඩියක සාම්පල් යොදාගෙන පරීක්ෂණය කළා, පැපොල් ගෙඩිය කොවිඩ්-19 ආසාදිතයෙකු බවට තහවුරු වුණා. (ටැන්සානියාවේ පැපොල් හැඳින්වෙන්නේ 'පව්වව්' යන නමිනුයි.) එපමණක් නොවේ, එළුවකුට, වටු කුරුල්ලෙකුට පවා වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් පෙනී ගියා. එම පරීක්ෂණ වැරදියි. මෙම පරීක්ෂණ කට්ටල දෝෂ සහිතයි.." යැයි ජනපති පැහැදිලි කර ඇත්තේ සිනාසෙමින්.
 
මේ අතර අප්‍රිකාව ඔබ්බෙන් පිහිටි මැඩගස්කර් දූපත් රාජ්‍යයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය මර්දනය කළ හැකි අරිෂ්ටයක් නිපදවා ඇති බවත්, එම අරිෂ්ට බෝතල් තොගයක් ගෙන ඒමට තමන් විශේෂ ගුවන් යානයක් මැඩගස්කරයට යැවූ බවත් ටැන්සානියා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
 
ශාකසාරවලින් නිපදවූ මෙම අරිෂ්ටය "කොවිඩ් ඕර්ගැනික්ස්" යනුවෙන් නම් කර ඇති අතර එය මැඩගස්කරයේ පාරම්පරික වෛද්‍යවරුන් විසින් සකස් කරනු ලැබූවක්.
 
කොවිඩ්-19 වැළඳුණූ බොහෝ දෙනෙකුට ඉක්මන් සුව ලැබීමට මෙම අරිෂ්ටය හේතු වූ බව මැඩගස්කරය සඳහන් කර තිබෙනවා.
 
කොංගෝ රාජ්‍යයේ ජනාධිපතිවරයා ද අරිෂ්ට ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් යානයක් මැඩගස්කරයට පිටත් කර ඇති බව වාර්තා වනවා.
 
මේ වන විට මෙම අරිෂ්ටය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේද අවධානය යොමු වී තිබෙනවා.
 
එහි සභාපතිවරයා සඳහන් කරන්නේ,
 
"පාම්පරික ඖෂධ යොදා සකස් කළ අරිෂ්ටවලට වෛරසය අඩපණ කිරීමට හැකියාව තියෙනවා වෙන්න පුළුවන්. ඒත් එය කොවිඩ්-19 සඳහා නිල ඔසුවක් ලෙස නම් කිරීමට හැකියාවක් නැහැ. වෛරසයට එන්නත් නිර්මාණය කිරීම ලහි ලහියේ සිදු වනවා. ඒ ගැන අපි බලාපොරොත්තු තබා ගැනීමයි වැදගත් වෙන්නේ..."
 
උපුටා ගැනීම - ලංකාදීප පුවත්පත


Tanzanian President suspends laboratory director after goat, sheep ...Madagascar' Rajoelina launches local coronavirus so-called remedy

Coronavirus: Tanzania testing kits questioned after goat and ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top