තියුණු ආයුධයකින් පහරදී පස්දරු පියෙකු ඝාතනය කෙරේ
Friday, 08 May 2020 - 9:42 | Views - 1,025
අම්බලන්තොට වරාගොඩැල්ල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ (08) රෑ මෙම ඝාතනය සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ වරාගොඩැල්ල ප්රදේශයේම පදිංචි 53 හැවිරිදි පස්දරු පියෙක්.
ඝාතනය සිදුකළ සැකකරු පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර අම්බලන්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Share This Article