යුක්රේන ගුවන් යානා ඉංජිනේරුවන් ශ්රී ලංකාවට
Friday, 08 May 2020 - 9:26 | Views - 1,673
ශ්රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටනොව් වර්ගයේ ගුවන් යානා අලුත්වැඩියා කිරීම සඳහා යුක්රේන ජාතික ඉංජිනේරුවන් 6 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
එම ඉංජිනේරුවන්ට යුක්රේනය මගින් නිරෝධායන සහතික ලබාදී තිබූ නමුදු නැවතත් ශ්රී ලංකාව තුළ නිරෝධායනය සඳහා මීගමුවේ සංචාරක හෝටලයක් වෙත යොමු කර තිබෙනවා.
එම නිරෝධායනය අවසන් වූ පසු යුක්රේන ඉංජිනේරුවන් ශ්රී ලංකා ගුවන් හමුදාව සතු ජීවන කාලය අවසන් වූ ඇන්ටනොව් ඒ.එන්. 32 වර්ගයේ ගුවන් යානා 3 පරීක්ෂා කොට සම්පූර්ණ අලුත්වැඩියාවන් සඳහා යුක්රේනය වෙත රැගෙන යාමට නියමිතයි.
යුක්රේන ඉංජිනේරුවන් රැගෙන ආ ගුවන් යානය අද අලූයම නැවතත් කියෙව් නුවර බලා නික්මුණේ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් සිය රට බලා යාමට නොහැකිව දිවයිනේ රැදී සිටි යුක්රේන ජාතිකයන් 116 දෙනෙකු ද රැගෙනයි.
Share This Article