ඇමරිකානු ජනපති සහ උප ජනපතිට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි
Friday, 08 May 2020 - 9:22 | Views - 463
ධවල මන්දිරයට අනුයුක්තව සේවය කරන ඇමරිකානු හමුදා සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස් කොවිඩ් - 19 පරීක්ෂාවට යළි ලක් කර තිබෙනවා.

කෙසේ නමුත්, එහිදි අනාවරණ වී ඇත්තේ ඔවුන් දෙදෙනාටම වෛරසය ආසාදනය වී නොමැති බවයි.

ටෙක්සාසයේ ආණ්ඩුකාරවරයා සමඟ ධවල මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ අදාළ ආසාදිතයා තමන් සමීපයට පැමිණෙන අයෙකු නොවන බවයි.

එම අවස්ථාවට  මාධ්‍ය නියෝජිතයන් ද සහභාගි වී සිටි අතර එහිදී ජනපති ට්‍රම්ප් හෝ උප ජනාධිපති පෙන්ස් මුව ආවරණ පැළඳ නොසිටීම විශේෂත්වයක්.

ඇමරිකානුවන්ට මුව ආවරණ පැළදීමේ වැදගත්කම අවධාරණය කරන ජනපති ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ඒවා පැළදීම ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top