ඇමරිකානු ජනපති සහ උප ජනපතිට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි
Friday, 08 May 2020 - 9:22 | Views - 464
ධවල මන්දිරයට අනුයුක්තව සේවය කරන ඇමරිකානු හමුදා සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස් කොවිඩ් - 19 පරීක්ෂාවට යළි ලක් කර තිබෙනවා.
කෙසේ නමුත්, එහිදි අනාවරණ වී ඇත්තේ ඔවුන් දෙදෙනාටම වෛරසය ආසාදනය වී නොමැති බවයි.
ටෙක්සාසයේ ආණ්ඩුකාරවරයා සමඟ ධවල මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ අදාළ ආසාදිතයා තමන් සමීපයට පැමිණෙන අයෙකු නොවන බවයි.
එම අවස්ථාවට මාධ්‍ය නියෝජිතයන් ද සහභාගි වී සිටි අතර එහිදී ජනපති ට්‍රම්ප් හෝ උප ජනාධිපති පෙන්ස් මුව ආවරණ පැළඳ නොසිටීම විශේෂත්වයක්.
ඇමරිකානුවන්ට මුව ආවරණ පැළදීමේ වැදගත්කම අවධාරණය කරන ජනපති ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ඒවා පැළදීම ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Share This Article