11 වැනිදා රට විවෘත කිරීමට සියල්ල සූදානම් - සේවය සඳහා කොළඹට පැමිණෙන්න ලංගම බස් රථ
Friday, 08 May 2020 - 9:12 | Views - 2,226
රට යාවත්කාලීන කිරීම යටතේ එළඹෙන 11 වනදා සිට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවා කටයුතු ආරම්භ වනවා.
ඒ අනුව, රජය සහ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව, සේවා කටයුතු ලබාදීමටයි උපදෙස් ලබාදී ඇත්තේ.
මේ අතර, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයින්ට සේවයට පැමිණීම සඳහා ඉල්ලුම් කළ පරිදි බස් රථ ලබාදීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පණ්ඩුක සඳහන් කළේ ඒ ඒ ආයතනවලින් ඉල්ලා ඇති පරිදි ප්‍රධාන මාර්ග කිහිපයකට බස් රථ යෙදවීමට පියවර ගන්නා බවයි.
දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන්ද අද දින සාකච්ඡාවක් පවත්වා ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි දුම්රිය ගමනාගමන අධිකාරී වී.එස්. පොල්වත්තගේ සඳහන් කළේ.
Share This Article