ඕස්ට්‍රේලියාවේ සිටින සිසුන් රැගෙන ඒමටත්, ගුවන් යානයක් පිටත් වේ
Friday, 08 May 2020 - 7:48 | Views - 923
කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද අලුයම මෙල්බර්න් නුවර බලා පිටත්ව ගියා.
ඒ අනුව එහි රැඳී සිටින අධ්‍යාපන කටයුතුවල නිරත ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.
මීට පෙර එංගලන්තයේ සහ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් දිවයිනට රැගෙන ඒමට පියවර ගනු ලැබුවා.
එසේම, අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ රැගත් 03 වන චීන ගුවන් යානය අද මෙරටට ළඟාවීමට නියමිතයි.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 30,000 ක්, පෞද්ගලික ආරක්ෂක කට්ටල 15,000 ක්, එන් 95 වර්ගයේ මුහුණු ආවරණ 30,000 ක් සහ තවත් සෞඛ්‍ය උපකරණ තොගයක් ඊට අයත් බවයි.
Share This Article