ලොවක් වසඟයට ගත්, සුරූපී මැඩෝනාටත් කොරෝනා වැළඳිලාද? ඇත්ත කතාව මෙන්න
Friday, 08 May 2020 - 7:32 | Views - 588

ලෝක ප්‍රකට ගායිකා මැඩෝනා නොහඳුනන කෙනෙකු නොමැති තරම්.
මේ වන විට 61වන වියේ පසුවන ඇය සිය තිස් පස් අවුරුදු සංගීත දිවිය තුළ වැදගත් සන්ධිස්ථාන රැසක් පසුකළ තැනැත්තියක්.
1983 වසරේ අතිශය ජනප්‍රියත්වයට පත් සිය පළමු ගීත එකතුවෙන් පසු ඇගේ ගීත ඇල්බම මිලියන 300ක් ලොව පුරා අලෙවි වුණා.
එය මෙතෙක් වැඩිම අලෙවි වාර්තා තැබූ ගායිකාව ලෙස ඇයව ගිනස් පොතට ද ගෙන යන්න සමත් වුණා.
ලෝක පොප් ගීත කලාවේ රැජිණ ලෙස විරුදාවලිය ලත් ඇය ගැන දැන් දැන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වී තිබෙන්නේ ඇයත් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවට වන කතාබහක් නිසාවෙනුයි.
කෙසේ වෙතත්, මැඩෝනා මීට දින කිහිපයකට පෙර තමාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව ප්‍රකාශ කර තිබු අතර, ඇය ප්‍රංශයේ පැරිස් නුවර පැවති Madame X ප්‍රසංගය සඳහා ගිය සංචාරය අතුරතුරදී දණහිසේ වේදනාවක් හටගත් බවයි ඇය පවසා තිබුණේ.
මේ හේතුව නිසාම ඇගේ සංගීත චාරිකාව නියමිත දිනට ප්‍රථම අවසන් කර ඇති අතර ඇගේ කණ්ඩායමේ නර්තන සාමාජිකාවන්ට ද වෛරසය වැළඳී ඇති බව ඇය ප්‍රකාශ කර ඇති බවයි, ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත්, ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව ඇය පවසන නමුත්, ඇයට කිසියම් රෝග ලක්ෂණයක් පැවතියාද යන්න පැහැදිලි වූයේ නැහැ.
ඇය විසින් කොවිඩ්-19 මර්දන සටනට දැවැන්ත දායකත්වයක් ලබා දුන් අතර ඒ වෙනුවෙන්ම වූ අරමුදලකට ද ඇය මැදිහත් වී ක්‍රියා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය විසින් ඒ ගැන සඳහන් කරමින් වීඩියෝවක්ද නිකුත් කර තිබුණා.
"මම හැමදාම කිව්වා වගේ, නැව පහළට ගියොත්, අපි ඔක්කොම එකට යනවා.."
කෙසේ වෙතත්, මැඩෝනා දැන් පූර්ණ සුවයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇය ඒ පිළිබඳව සිය රසිකයින් ද දැනුවත් කර ඇති බව සඳහන්.
Dailymail ඇසුරිනි.
Share This Article