වෙසක් පුන් පෝදා රටක්ම හඬවමින්, සුනඛයෙකුට වෙඩි තැබූ පාපතරයෙකු කළ පාපකර්මය
Friday, 08 May 2020 - 7:23 | Views - 1,793
නිවසක සුරතලයට ඇති දැඩි කළ සුනඛයෙකු වෙඩි තබා මරා දැමිමේ පුවතක් මීගමුව - පෙරියමුල්ල ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වුණා.
පෙරියමුල්ල - ශාන්ත අන්තෝනි මාවතේ නිවසක සිටි මෙම සුනඛයාගේ හිමිකරු වන්නේ මානව හිමිකම් සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දුයි.
මෙම සුනඛයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී වෙඩි තැබීම සිදුකර ඇති අතර, තම අසල්වැසියෙකු වන විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව බ්‍රිටෝ ප්‍රනාන්දු සඳහන් කළා.
කෙසේ වෙතත් වෙඩි තැබීම සිදුකළ බවට සැක කරන මෙම විශ්‍රාමික පොලිස් නිලධාරියා අද පස්වරුවේ මීගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව ඔහුව මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝග කෙරුණේ සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
Share This Article