ලෝකයම කළඹමින්, කොරෝනාවෙන් බැට කන ඇමරිකාව බිලිගන්න ආ, අලුත්ම සතුරා මෙන්න
Friday, 08 May 2020 - 7:21 | Views - 1,107
කොවිඩ් 19 වසංගතයෙන් මහත් පීඩා විඳිමින් සිටින ඇමෙරිකා එක්සත් ජනපදයට තවත් බිහිසුණු තර්ජනයක් එල්ල වී තිබෙනවා.

මෙය බඹර ගණයට අයත් කෘමි විශේෂයක් නිසා ඇතිවූ උවදුරක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
විස සහිත තියුණු විතකින් යුත් පියාඹන මෙම මිනීමරු බඹර විශේෂය දින කිහිපයකට පෙර පළමු වරට වොෂිංටන් ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.
 
මෙම විශේෂයේ වැඩිහිටි සත්වයෙකු දිගින් සෙන්ටි මීටර් 5ක් පමණ වන අතර වෙස්පා මැන්ඩරිනියා (vaspa mandarinia) නමින් හඳුන්වනු ලබනවා.
 
මෙම දැවැන්ත කෘමියා මින් පෙර ආසියානු කලාප වලින් හමුවී ඇතත් ඇමෙරිකාවෙන් වාර්තා වී ඇත්තේ ඉතිහාසයේ පළමු වරටයි.
 
මෙවැනි කෘමි දෂ්ට කිහිපයකින් මිනිසකු මරණයට පවා පත්විය හැකියි. මිනිසුන්ට දෂ්ට කිරීම හැර මී මැස්සන් විනාශ කිරීමටද මෙම කෘමියා කටයුතු කරනවා.
 
මී මැස්සන්ගේ සිරුර මෙම කෘමියාගේ පැටවුන් හට ආහාරයක් වනවා. මොවුන් ඇමෙරිකාව පුරා ව්‍යාප්ත වී, මී මැස්සන් විනාශ කිරීමට පෙර මොවුන් වැනසීමට විද්‍යාඥයින් මහා මෙහෙයුමක් දැන් අරඹා ඇති බවයි වාර්තා වෙන්නේ.

උපුටා ගැනුම - මව්බිම පුවත්පත
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top