කොරෝනා වෛරසයේ විකෘති ජාන ප්‍රභේද 200ක්
Thursday, 07 May 2020 - 20:12 | Views - 1,209
ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයන් අතරින් සුවය ලබන ප්‍රතිශතය සියයට 83ක මට්ටමේ පවතින බව විදෙස් ම වාර්තා සඳහන් කළා.
මේ වනවිට මරණ ප්‍රතිශතය සියයට 17ක් ලෙස පවතින බවයි එම වාර්තාවල දැක්වුණේ.
එමෙන්ම, ලොවපුරා කොරෝනා ආසාදනය වී ඇති තිස්අට ලක්ෂයකට අධික පිරිසක් අතරින් සියයට 2ක ප්‍රතිශතයක් එනම්, 48,073 දෙනෙකු බරපතල තත්ත්වයේ ද පසුවනවා.
මේ අතර, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තිය ආරම්භවූයේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 6ත් දෙසැම්බර් මස 11ත් අතර කාලය තුළ බව නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙනවා.
ලන්ඩනයේ විශ්වවිද්‍යාල විද්‍යාලයේ ජාන අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විසින් වෛරසය ආසාදනය වූ 7,500කට වැඩි පිරිසකගේ ජානමය සාම්පල යොදාගනිමිනුයි එම අධ්‍යයනය සිදුකර ඇත්තේ.
පර්යේෂනයට යොදාගැනුනු සාම්පල් අතරින් කොවිඩ් 19 වෛරසයේ ජාන විකෘතිතාවට භාජනය වූ ප්‍රභේද 200ක් පමණ හඳුනාගත් බව අදාළ අධ්‍යයනයේදී හෙළි වී තිබෙනවා.
එය වෛරසයේ ව්‍යාප්තිය සඳහා බලපෑම් ඇති කරන්නක් බවයි අදාළ පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.
Share This Article