ජනපති ලේකම්ගෙන් රාජ්‍ය සේවකයන්ට ඉල්ලීමක්
Thursday, 07 May 2020 - 19:48 | Views - 2,016
රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සියලූම රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම්වරුන්, දෙපාර්තමේන්තු , සංස්ථා, රාජ්‍ය බැංකු සහ ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්.

රජයේ ආදායම් මාර්ග අවහිර වී ඇති බැවින් විදේශ ණය ආපසු ගෙවීමේ කටයුතු දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ලිපියේ සඳහන් වන්නේ.

රාජ්‍ය සේවා වැටුප් සහ දීමනා සඳහා මාසිකව රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් වැය වන අතර, එක් මසක එම මුදල වැන්දඹු, අනත් දරු ගෙවීම් සඳහා යෙදවීමට හැකිවුවහොත් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට හැකියාව පවතිනවා.

මාසික වැටුප දීම අපහසු විය හැකි වුවද, ඉන් අඩක්, සතියක වැටුපක් සහ දිනක වැටුපක් වශයෙන් ද දායකත්වය ලබා දිය හැකි බවට තමා විශ්වාස කරන බවටයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර, ලබන 11 වනදා රට යථා තත්ත්වයට පත් කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කම්කරු දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන විවෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා.

කොරෝනා වෛරසයෙන් මෙරට වැඩ බිම් ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පත් කළ විශේෂ ත්‍රෛයි පාර්ශවීය කාර්ය සාධක කමිටුව ද, ඊට එකඟතාවය පළ කර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ආයතනික රාජකාරි කිරීමටත්, අවශ්‍යතාවය අනුව සේවා මුර ක්‍රමය භාවිත කිරීමටත් අදාළ ආයතන වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

සේවයේ යෙදෙන කාලය සඳහා සේවා ගිවිසුම් අනුව, ගෙවිය යුතු නියමිත දීමනා සමග වැටුප් ගෙවීමටත්, සේවයේ යොදවන තෙක් එනම්, නිවසේ රැදී සිටින කාලය සඳහා මූලික වැටුපෙන් සියයට 50ක් හෝ රුපියල් 14,500 ක් යන දෙකෙන් වැඩි ප්‍රමාණය ගෙවීමටත් එම කාර්ය සාධක කමිටුවේ එකඟතාවය පළ වුණා.

මේ අතර, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අත්‍යාවශ්‍ය සේවක කණ්ඩායමක් පමණක් යොදවා ගනිමින් මෙම ආයතනවල කටයුතු පවත්වාගෙන යා යුතු බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top