අද වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ තොරතුරු එළියට - නාවික හමුදා යුවළකගේ බිළිඳෙකුටත් කොරෝනා ආසාදනය වෙලා
Thursday, 07 May 2020 - 19:02 | Views - 1,117
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 804 දක්වා අද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ, අද දිනයේදී තවත් ආසාදිතයින් හත් දෙනෙකු තහවුරුවීමත් සමගයි.
මේ වනවිට ඔවුන්ගේ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
එම පිරිසෙන්, 6 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බවයි ඔහු කියා සිටියේ.
අනෙක් ආසාදිතයා වැලිසර කඳවුරේ කොරෝනා වෛරස් ආසාදිත නාවික හමුදා යුවළකගේ අවුරුද්දයි මාසයක් වයසැති බිළිඳෙක් බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ.
එම යුවළගේ වැඩිමහල් දරුවා ද ඊයේ ආසාදිතයෙකු ලෙස වාර්තාවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 563 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
මේ අතර ඊයේ දිනයේදී මෙරට තුළ PCR පරීක්ෂණ 1147 ක් සිදු කළ බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
Share This Article