වැරදුණු කොරෝනා ප්‍රතිඵල ගැන වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගෙන් පැහැදිලි කිරීමක්
Thursday, 07 May 2020 - 18:51 | Views - 1,470
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ලබාදුන් වාර්තාවලින් පසු අදාළ පුද්ගලයන්ට එම වෛරසය ආසාදනය වී නැතැයි තහවුරු වීම පිළිබඳ වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් අද පැහැදිළි කිරීමක් සිදු කළා.
ඔහු පෙන්වා දුන්නේ මීට පෙර ද අවස්ථා කිහිපයකදී මෙවැනි වැරදි වාර්තා නිකුත්වීම් සිදුවී ඇති බවයි.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති කිසිදු වෛද්‍ය රසායනාගාරයක් මගින් මෙතෙක් කිසිදු වැරදි වාර්තාවක් නිකුත් කර නොමැති බවයි.
Share This Article