COVID-19 ආවේ ඇමරිකාවෙන්, නොවැම්බරයේදී නගරාධිපතිවරයෙකුට වැළඳිලා
Thursday, 07 May 2020 - 17:55 | Views - 933
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කොවිඩ් 19 වෛරසය පළමුවරට චීනයේ හුබෙයි පළාතෙන් වාර්තාවීමටත් පෙර ඉකුත් නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ බෙල්විල්හි නගරාධිපතිවරයෙකුට කොවිඩ් 19 ආසාදනයවී තිබූ බවටත් අදාළ නගරාධිපතිවරයා පසුකාලීනව සිදුකළ රුධිර පරීක්ෂණයකදී කොවිඩ් 19 ප්‍රතිදේහ සිය රුධිරයේ අන්තර්ගතව තිබූ බවට අනාවරණවී ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළා.

"ඇමරිකාවෙන් වගේම යුරෝපා කලාපයෙනුත් චීනයට පෙර කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාවූ බවට දැන් අනාවරණ වෙනවා. මෙම වෛරසයේ උපත ස්වභාවිකව හටගත් බවටයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. මම සිතනවා සියලුදෙනා විද්‍යාව සහ තාක්ෂණය මත විශ්වාසය තබයි කියලා..."
 
මේ අතර, මාරාන්තික කොවිඩ් 19 වෛරසය ස්වභාවිකව හටගත් වෛරසයක්ද නැතහොත් විද්‍යාගාරයක නිර්මාණය කරන ලද්දක්ද යන්න සනාථ කර ගැනිමට මෙන්ම එහි ව්‍යාප්තිය චීනයෙන් හටගත් බවට ප්‍රකාශයට කිසිදු සාක්ෂියක් නොමැති බවට පෙන්ටගනය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.
 
"වෛරසය ස්වභාවිකව හටගත්තද..? එය මිනිසුන් විසින් නිර්මාණය කළාද..? එය අත්වැරදීමකින් සමාජයට නිරාවරණය වුණාද..? එය ජෛව පරීක්ෂණාගාරයෙන් හටගත්තාද..? එහෙමත් නැත්නම් සත්ව මාංශ වෙළෙඳපොළෙන් ව්‍යාප්ත වුණාද. ඒ කිසිදු දෙයක් සනාථ කිරීමට අපට සාක්ෂි නැහැ..."
 
කොවිඩ්-19 නිසා ලොව වැඩිපුරම බලපෑමට ලක්ව ඇති ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිතයින් ගණන මේ වනවිට 1,263,243ක් වන අතර මරණයට පත්ව ඇති සංඛ්‍යාව 74, 809ක් ලෙසයි වාර්තා වන්නේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top