කොළඹ කොටු වී සිටි තවත් 1200ක් ගම්බිම් වෙත
Thursday, 07 May 2020 - 16:41 | Views - 722
ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස්වලට යා නොහැකිව නුගේගොඩ පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් වසම්වල රැඳී සිටි 1200කට ආසන්න පිරිසක් ගම්බිම් කරා පිටත් කර යැවීම අද සිදුකෙරුණා.
ඒ, සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මූලික වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුවයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මැදිහත්වීම මත බස්නාහිර පළාතේ රැඳී සිටින තවත් පිරිසක්ද වෛද්‍ය නිර්දේශ මත ඉදිරියේදී මෙලෙස පිටත් කර යැවීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළා.
Share This Article