කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ කාලය ගැන නවතම හෙළිදරව්වක්
Thursday, 07 May 2020 - 16:37 | Views - 918
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තිය ආරම්භවූයේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 6 ත් දෙසැම්බර් මස 11 ත් අතර කාලය තුළ බව නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙනවා.
ලන්ඩනයේ විශ්වවිද්‍යාල විද්‍යාලයේ ජාන අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විසිනුයි අදාළ අධ්‍යයනය සිදුකර ඇත්තේ.
වෛරසය ආසාදනය වූ 7,500 කට වැඩි පිරිසකගේ ජානමය සාම්පල යොදාගනිමින් එම අධ්‍යයනය සිදුකර තිබෙනවා.
එහිදී අනාවරණ වී ඇත්තේ පර්යේෂනයට යොදාගැනුනු සාම්පල් අතරින් කොවිඞ් 19 වෛරසයේ ජාන විකෘතිතාවට භාජනය වූ ප්‍රභේද 200 ක් පමණ හඳුනාගත් බවයි.
එය වෛරසයේ ව්‍යාප්තිය සඳහා බලපෑම් ඇති කරන්නක් බවයි අදාළ පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ.
Share This Article