නිවසක සුරතලයට ඇති කළ සුනඛයෙකුට වෙඩි වෙඩි තබා ඝාතනය කිරීම ගැන පොලිස් පරීක්ෂණ
Thursday, 07 May 2020 - 16:16 | Views - 2,016
මීගමුව, පෙරියමුල්ල ප්රදේශයේ ශාන්ත අන්තෝනි මාවතේ පිහිටි නිවසක සුරතලයට ඇති කළ සුනඛයෙකුට වෙඩි තැබීමේ පුවතක් වාර්තා වනවා.
අද පෙරවරුවේ නිවසක තාප්පයකට මුත්රා කිරීමේ දී සුනඛයාට වෙඩි තබා ඇති බව සුනඛයාගේ හිමිකරුවන් ප්රකාශකර තිබෙනවා.
ශාන්ත අන්තෝනි මාවතේම පදිංචි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි හිමිකරුවන් චෝදනා කරන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Share This Article