අනියම් පෙම්වතා සමග එක්ව තම මව කුරිරු ලෙස ඝාතනය කළ දියණිය අවසානයේ කොටු වූ හැටි
Thursday, 07 May 2020 - 13:58 | Views - 6,312
ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අතරේ නිවසේ තනිවම දිවිගෙවූ අවුරුදු හැට අටක් වයසැති එක් දරු මවක් අභිරහස් ලෙස ඝාතනය කිරීමේ පුවතක් කටුනායකින් වාර්තා වෙනවා.

එම ඝාතනය සිදුකර ඇත්තේ ඇයගේ එකම දියණිය සහ දියණියගේ අනියම් පෙම්වතා බව මෙතෙක් සිදුකළ පරීක්ෂණ වලින් හෙළිව ඇති බවයි සදහන් වන්නේ.

එම දියණිය තම සැමියාගෙන් වෙන්ව ජීවත්වන අතර ඇයද එක් දරු මවක් වනවා.

ඇය තම අනියම් පෙම්වතා සමග එක්ව තම මවගේ ගෙල සිරකර පසුව තියුණු ආයුධයකින් මවගේ ගෙලකපා ඝාතනයකර තිබෙනවා.

පොලිසිය නොමග යැවීමට ඔවුන් දෙදෙනා උත්සහ කර ඇති අතර සැකකාර දියණිය සහ ඇයගේ අනියම් පෙම්වතා අතර සිදුවූ දුරකථන සංවාදයක් පරික්ෂා කිරීමෙන් අනතුරුව සියලූ තොරතුරු පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කටුනායක රොබින් ප්‍රනාන්දු මාවතේ තම නිවසේ හුදකලාව ජීවත්වූ මල්නයිදේලාගේ මේරි ඈන් රොඩ්නි ප්‍රනාන්දු නම් එක් දරු මවයි.

පසුගිය 29 වෙනිදා තම මව නිදියහනේදීම ගෙල කපා මරණයට පත්කර ඇති බව සැකකාර දියණිය විසින් සීදූව පොලීසිය වෙත කළ පැමිණිල්ලක් මත ඒ පිළිබඳ ව පරීක්ෂණයක් අරඹා ඇති බවත් සදහන්.

මෙම සිද්ධිය පිළිබඳ ව ස්ථානීය පරීක්ෂාවක් කර මහේස්ත්‍රාත් දුන් නියෝගයෙන් මීගමුව ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි දිප්ති විජේරත්න මහතා වෙත මෘතදේහය ඉදිරිපත්කර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර ඇති බත් සදහන්.

එහිදී අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වී තිබුණේ එම මරණය සිදුවී ඇත්තේ දෙදිනකට පෙර විය හැකි බවත්, හුස්ම යනතුරු ගෙල සිරකර මරණයට පත්කර පසුව තියුණු ආයුධයකින් ගෙල කැපීමක්ද සිදුකර ඇති බවයි.

පසුව පොලීසිය විසින් සිදුකළ දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව අනාවරණය කරගෙන තිබුණේ මරණයට පත්වී ඇති අයගේ දියණියගේ අනියම් පෙම්වතා විසින් එලෙස හුස්ම සිරකර එම තැනැත්තියව මියයාමට සලස්වා ඇති බවත්,අනතුරුව මව නොමැරී සිහි මෘජාවෙන් ඇතැයි සැක සිතූ ඇයගේ දියණිය විසින් මවගේ ගෙලකපා ඇතිබවත්ය.

එම සැකකාර දියණිය 32 වන වියේ පසුවන එක්දරු මවක් බවත් ඇය ස්වාමිපුරුෂයාගෙන් වෙන්ව විත් කටුනායක ප්‍රදේශයේ දුම්රියපොළ ආසන්නයේ නේවාසිකව සිටි කාන්තාවක් බවයි. ඇයට වයස අවුරුදු 1 1/2ක් වයසැති පිරිමි දරුවෙක් සිටින බවත් සදහන්.

ඇයගේ නිවසට යාබදව ඇති කාමරයක පදිංචිව සිටි 45 හැවිරිදි තනිකඩයෙක් සමග ඇය කලක සිට අනියම් සම්බන්දයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

ඔහු අධික ලෙස මතට ඇබ්බැහි ව ඇති පුද්ගලයෙක් . නිතර තම මියගිය මව සමග ආරවුල් කරගන්නා මෙම දියණිය දිනක් තම අනියම් පෙම්වතා හා එක්ව මව ඝාතනය කිරීමට සැලසුමක් යොදාගෙන ඒ ගැන නිතර අදහස් හුවමාරු කරගෙන ඇති බව ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව පසුගිය 27 වෙනිදා රාත්‍රියේ දියණිය මවගේ නිවසට ගොස් එදින මවගේ නිවසේ නතර වී ඇති අතර මධ්‍යම රාත්‍රීයේදී තම සැලසුම ක්‍රියාත්මක කිරිමට අනියම් පෙම්වතා මවගේ නිවසට ගෙන්වාගෙන ඇති බව අනාවරණය වනව.

ඉන් අනතුරුව, පෙම්වතියගේ ඉල්ලීම ඉටුකිරිමට මවගේ ගෙල සිරකර මිරිකා මරණයට පත් කළ බවත්, අනතුරුව අදාළ සැකකාරිය විසින් පිහියක් ගෙනවිත් මවගේ ගෙල කපා දමන ලෙසට පැවසුවද එය ඔහු විසින් ප්‍රතික්ෂේපකර එම ස්ථානයෙන් නික්ම තම කාමරයට පැමිණ පෙම්වතියට දුරකතන ඇමතුමක් දුන්බව ද, තම පෙම්වතිය විසින් මවගේ ගෙල කැපූ බව දැනගත් බවත් සැකකරු විසින් සීදූව පොලීසියට පාපොච්චාරණය කර තිබෙනවා.

සැකකරු සඳුදා (04) අත්අඩංගුවට ගත් බවත් සදහන්.

පසුව අදාළ සැකකාර කාන්තාව (05) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තමා විසින් අම්මාගේ ගෙල කැපූ බවත් 29 වෙනිදා නැවත නිවසට ගොස් අසල්වැසියන් මවට යම් කරදරයක් සිදුවී ඇති බව පවසා පොලීසියට විත් පැමිණිල්ලක් දැමූ බව පිළිගෙන තිබෙනවා.

පසුව එම දෙදෙනාම මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සීදූව - නිශ්ශංක
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top