කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
Thursday, 07 May 2020 - 13:54 | Views - 970
කරන්දෙණිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
සතුන් මැරීම සඳහා යොදන ලද විදුලි රැහැනක ගැටී කාන්තාවක් තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම බහින්බස්වීම සිදුව තිබෙනවා.
ඝාතනයට සම්බන්ධ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි කරන්දෙනිය පොලීසිය කියා සිටියේ.
Share This Article