බංග්ලාදේශයේ ශ්‍රී ලාංකිකයෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වෙයි
Thursday, 07 May 2020 - 13:04 | Views - 631
බංග්ලාදේශයේ චිතගොන් හි කුල්ෂි ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
බංග්ලාදේශයේදී විදේශිකයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පළමු අවස්ථාව මෙය බවයි එරට වාර්තා සඳහන් කළේ.
මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ කර්නාෆුලි අපනයන සැකසුම් කලාපයේ ඇඟළුම් කම්හලක සේවය කළ 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුටයි.
එමෙන්ම නිරෝධායන නියෝග උල්ලංඝනය කරමින් ඉස්ලාම් දේවස්ථානයක් තුළ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුලු 13 දෙනෙකු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇලිගාර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් අදාළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා බන්ධනාගාර ගත කර ඇති අතර, සෙසු 11 දෙනා ඇප මත මුදාහැර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
Share This Article