සෞඛ්‍ය නීති රීති මඟ හැරි, වැලිගම කාන්තාවකගේ අවසන් කටයුතු පොලිසිය නතර කරයි
Thursday, 07 May 2020 - 12:53 | Views - 2,047
වැලිගම ප්‍රදේශයේ කාන්තාවක්  මිය යාමෙන් පසුව මිහිදන් කිරීම තාවකාලික නතර කිරීමට අද (07) දින වැලිගම මුලස්ථාන පොලිසිය පියවර ගෙන තිබෙනවා.

වැලිගම - අලුත් විදීය ප්‍රදේශයේ පදිංචි වයස 54 වන කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

දීර්ඝ කාලයක සිට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ඇති එම කාන්තාව අද (07) උදෑසන අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඇය මාතර පුද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති අතර එහිදී  වෛද්‍ය උපදෙස් මත ඇයව රජයේ රෝහලකට ඇතුළත් කිරීමට උපදෙස් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම උපදෙස් නොකතා මෙම මුස්ලිම් ජාතික කාන්තාව නැවත නිවස වෙත රැගෙන එන අතරතුර මියගොස් ඇති බව සඳහන්.

අනතුරුව පවුලේ ඥාතිවරුන් එක්ව මියගිය කාන්තාව මිහිදන් කිරිමට අවශ්‍ය කටයුතු  සූදානම් කරමින් සිට ඇති අතර එහිදී  වැලිගම මූලස්ථාන පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වන පරිදි මිය ගිය කාන්තාවගේ සිරුර මිහිදන් කිරීම  තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව වැලිගම මහජන සෞඛ්‍ය කාර්යාලයේ  නිලධාරීන් සහ වැලිගම පොලිසියේ නිලධාරින්ගේ සහය මත මියගිය කාන්තාව සම්බන්ධයෙන් අදාළ  මරණ පරීක්ෂණ වාර්තා ලබාගැනීම සදහා නැවත මළ සිරුර මාතර රජයේ රෝහලට වෙත රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top