තනිව මෝටර් රථයක් පදවාගෙන, ලැම්බෝගිනි රථයක් මිලදී ගන්න ගිය 5හැවිරිදි දරුවාට අවසානයේ වුණු දේ
Thursday, 07 May 2020 - 11:18 | Views - 737
කොරෝනා වසංගතය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය වසා දමා ඇති මොහොතක  මව විසින් ලැම්බෝගනී  වර්ගයේ සුපිරි මෝටර් රථයක් තමාට මිල දී ගෙන දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එවැනි මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා පවුලේ මෝටර් රථය පදවාගෙන යමින් සිටි ඇමරිකා එක්සත් ජනපදයේ උටා ප්‍රාන්තයේ  පස් හැවිරිදි පිරිමි දරුවෙකු අධිවේගී මාර්ගයේ  මංතීරුවක් අසළදී කොටු කරගැනීමට උටා ප්‍රාන්ත  පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පියවර ගෙන තිබෙනවා.

පැයට සැතපුම් 32 ක වේගයෙන් "සුව් "වර්ගයේ මෝටර් රථයක් පදවාගෙන ගොස් ඇති මෙම පස් හැවිරිදි එඩ්රියන් නමැති පිරිමි දරුවා මුළදී පොලිස් මෝටර් රථ ප්‍රවාහන අංශය විසින් මෝටර් රථය නවත්වන ලෙසට කරන ලද සංඥාවට අනුව රථය නතර කර නැතත් පොලිස් සයිරන් නලා ශබ්දය ඇසීමෙන් පසු වාහනය නතර කර ඇති බව එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීවරයා වන රික් මෝගන් ප්‍රකාශ කර තිබෙනවා.

අධිවේගී මාර්ගයේ මාර්ග සළකුණු අතර එහාට මෙහාට පැද්දෙමින් ගමන් කර ඇති මෙම කුඩා දරුවා විසින් පැදවූ වාහනය ඔහුගේ නිවසේ සිට සැතපුම් 2-3 අතර දුරක් ධාවනය කර තිබු බව අනාවරණය වෙයි.

මෙම දරුවා සිය පවුලේ මෝටර් රථය පදවාගෙන යාමට සැරසී ඇත්තේ සුපිරි ලම්බෝගනී මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා කැලිෆෝර්නියා ප්‍රාන්තයට බව ඔහු පොලිසියට පවසා ඇති අතර කැලිෆෝර්නියාවේ පදිංචි සිය සහෝදරියගේ නිවසට යන බවක්ද ඔහු සඳහන් කර තිබෙන බවයි පැවසෙන්නේ.

තිරිංග පෑගීම සඳහා පහසු වන සේ වාහනයේ ඉදිරිපස රියදුරු අසුනේ ඉදිරි කොටසට වන්නට අසුන් ගෙන සිට ඇති මොහු පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ තමා විසින් ලම්බෝගනී වර්ගයේ සුපිරි මෝටර් රථයක් මිල දී ගෙන දෙන ලෙසට මවගෙන් කළ ඉල්ලීම ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව තමා විසින්ම ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ අසු දහසකට වඩා වටිනා ලම්බෝගනී වර්ගයේ මෝටර් රථයක් මිල දී ගන්නා බව තීරණය කර මෝටර් රථය පදවාගෙන ආ බවයි.

මෙම කුඩා දරුවා මෝටර් රථය පදවාගෙන යන අවස්ථාවේ නවත්වාගෙන ඇත්තේ ඔග්ඩෙන් නැමති නගරයේදී වන අතර ඔහුගේ පසුම්බියේ ඇමරිකානු ඩොලර් 3 ක මුදලක් තිබු බව පොලිසිය පවසයි.

මෝටර් රථ ප්‍රවාහන පොලිස් නිලධාරීන් පුදුම වී ඇත්තේ මෙම දරුවාගේ වයස පිළිබඳව පමණක් නොව ඔහු කැලිෆෝනියා ප්‍රාන්තය වෙත යා යුතු නිවැරදි මාර්ගයේ ගමන් කිරීමත් ,සයිරන් නලා හඬට අවනතව වාහනය නැවැත්වීමත් .මෙයට පෙර වාහනයක් පදවා නොතිබියදී මෙතරම් අඩු වයසින් පෙර පුහුණුවක් නොමැතිව වාහනය පදවා ගෙන කිසිදු අනතුරක් නොවී රථය ආ දුර පදවා ගෙන යාම යන කරුණු හේතුවෙනි.

එම දරුවාගේ මව හා පියා රැකියාවල නිරතව සිටීම නිසා මෙම කුඩා දරුවා ඔහුගේ සහෝදරයෙකු භාරයේ තබා රැකියාවලට ගොස් සිටියදී රාක්කයක තබා තිබු රථයේ යතුරු කැරැල්ල රැගෙන මෙසේ වාහනය පැදවීමට ඔහු ක්‍රියා කර ඇති බව හෙළි වී ඇත්තේ.

වාහනය පැදවූ කුඩා දරුවාව ඔහුගේ දෙමවුපියන්ට භාර දී ඇති අතර මෙම සිද්ධිය පිළිබඳව ඔග්ඩෙන් හි සුළු වැරදි පිලිබඳ පහළ උසාවියේ දරුවාගේ දෙමවුපියන්ට එරෙහිව නඩු පැවරීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා.



5-year-old recounts being stopped by Utah trooper after driving ...
Five-Year-Old Kid Caught Driving His Parents Car To Buy a ...
5-year-old recounts being stopped by Utah trooper after driving ...5-yr-old caught after stealing parents' car to buy Lamborghini ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top