මින්නේරියේ අනතුරකින් යුද හමුදා සෙබලෙකු මරුට - හත්දෙනෙකුට තුවාල (වීඩියෝ)
Thursday, 07 May 2020 - 10:48 | Views - 4,159
පොළොන්නරුව - හබරණ මාර්ගයේ ගිරිතලේ ප්රදේශයේදී අද අලුයම යුද හමුදා සෙබළුන් 10 දෙනෙකු ගමන් කළ කැබ් රථයක් එහි රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් එහි සිටි එක් සෙබලෙකු මියගොස් තවත් 07 දෙනෙකු තුවාල ලැබුවා.
අනතුරින් මියගිය යුද හමුදා සාමාජිකයා අවුරුදු 31 ක් වයසැති ගිරිතලේ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන කෝප්රල්වරයෙක්.
තුවාල ලැබූ හත්දෙනා පොළොන්නරුව රෝහලේ ප්රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article