කොරෝනා පර්ල් වරායට එල්ල කළ ප්රහාරයටත් වඩා දරුණු බව ට්‍රම්ප් කියයි
Thursday, 07 May 2020 - 9:41 | Views - 553
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතය දෙවන ලෝක යුද්ධයේදී ජපානය පර්ල් වරායට බෝම්බ හෙලීමේදී සිදුවූ විනාශයටත් වඩා දරුණු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වසංගතය සැප්තැම්බර් 11 ප්රහාරයටත් වඩා දරුණු බවයි.
ඇමරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කොරෝනා වසංගතය පැතිර යාමට වගකිවයුතු චීනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවටද ප්‍රකාශ කර තිබෙනවා.
ඊට පිළිතුරු ලබාදෙමින් චීන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව තුළ වෛරසය පාලනය කරගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් තමන්ට දොස් පැවරීමෙන් පළක් නොවන බවයි.
Share This Article