කොරෝනාවලට එරෙහිව ඉතාලියෙන් එන්නතක්
Thursday, 07 May 2020 - 9:38 | Views - 1,883
ඉතාලිය ප්‍රථම වරට කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවා තිබෙනවා.

මීයන් යොදාගනිමින්  සිදුකරන ලද පරීක්ෂණවලට අනුව මෙම එන්නත නිපදවා ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.   

මේ අතර ලොව පුරා කොරෝනා මරණ දෙලක්ෂ 64,807 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 38 ලක්ෂ 18,577 ක්. එමෙන්ම වෛරසය ආසාදනය වී දොළොස් ලක්ෂ 92,296 දෙනෙකු සුවය ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදය තුළ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, ගතවූ පැය  24 තුළ එරටින් මරණ 2,520 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 74,791 ක් වන අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 12 ලක්ෂ 62,693 ක්. බ්‍රිතාන්‍ය තුළ ගතවූ පැය විසි හතරේ කොරෝනා මරණ 649 ක් වාර්තාවන අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 30,076 ක් ලෙසයි දැක්වෙන්නේ. එරට ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා.

එමෙන්ම රටවල් 12 ක සිරවී සිටින ඉන්දියානුවන් 15,000 කට ආසන්න සංඛ්‍යාවක් සිය රට ගෙන්වාගැනීමේ කටයුතු අද සිට ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා ගුවන් යානා 60 ක් යොදවා ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. ගතවූ පැය විසි හතරේ ඉන්දියාවේ නව කොරෝනා මරණ 92 ක් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 1,785 ක් ලෙසයි දැක්වෙන්නේ.

නව ආසාදිතයන් 3,587 ක් හමුවීමත් සමඟ එරට ආසාදිතයන් සංඛ්‍යාව 52,987 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top