වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට හැකි බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
Wednesday, 06 May 2020 - 22:36 | Views - 980
COVID 19 වසංගතය හේතුවෙන් අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරනවා.

ඒ සඳහා නව ආර්ථික මාදිලියක් සැකසීමේ වගකීම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරෙන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

කාර්ය සාධක බලකාය විෂය ක්ෂේත්‍ර අනුව කොටස් වශයෙන් බෙදී ඉලක්ක ගත නව ආර්ථික සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බව ගෝඨාභය රාජපක්ෂ මෙහිදී සඳහන් කළා.

මැයි 11 දා සිට යළි යථා තත්වයට පත් කෙරෙන ජන ජිවිතයත් සමග ආර්ථිකය ද නගා සිටුවීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රථම සාකච්ඡාවේදීයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වූ ඇඟලුම් සහ සංචාරක කර්මාන්ත නව මුහුණුවරකින් ඇරඹිය යුතු බව ද ඔහු කියාසිටියා.

COVID -19 වෛරසය මර්දනය කර නැගී සිටින රටවල් ඉලක්ක කර ගනිමින් සංචාරකයන් ගෙන්වා ගැනීමේ හැකියාව ද  ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

දේශීය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට වැඩි අවධානයක් යොමු කිරීමෙන් හෝටල් කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ හැකියාව ද කෙරෙහි ද අවධානය යොමු  කෙරුණා.

වරාය නගරය සහ හම්බන්තොට කර්මාන්ත කලාපය කේන්ද්‍ර කර ගනිමින් විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීමට ඇති හැකියාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර විදේශ ණය වෙනුවට ආයෝජන ඉඩ ප්‍රස්ථා සැලසුම් කිරීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පවරනු ලැබුවා.

ගත වූ සති කිහිපය තුළ නව නිර්මාණ රැසක් මෙරටින් බිහිවී ඇති අතර ඒවා ලෝක වෙළෙඳපොළට හඳුන්වාදෙමින් නව නිපැයුම් අපනයන ආර්ථිකයට දායක කර ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

මේ තර මැයි 11 දා සිට පෞද්ගලික ආයතනවල කාර්යාල පෙ.ව 10ට ආරම්භ කරන ලෙස දැනුම් දී තිබුණ ද කර්මාන්ත කටයුතු සිය අවශ්‍යතාව මත පවත්වාගෙන යා හැකි බවටයි එහිදී තීරණය වී ඇත්තේ.

උසස් අධ්‍යාපනය සඳහා සිසුන් විශාල පිරිසක් ලෝකයේ බොහෝ රටවලට ගොස් ඇති බව මෙරටට පැමිණීමට කර ඇති ඉල්ලීම් මගින් අනාවරණය වී ඇති අතර  ඉන් රටින් පිටව ගිය විනිමය සංචිත අති විශාල බව මෙහිදී අවධානයට ලක්වූ කරුණක්.

උසස් අධ්‍යාපන ආයතන සදහා ආයෝජන අවස්ථා පුළුල් කර එම මුදල් මෙරට රඳවා ගැනීමට ඇති හැකියාව මෙන්ම විදේශ රටවල සිසුන් ද මෙරටට ගෙන්වා ගැනීමෙන් විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන්නේ.

වසරකට ඖෂධ ගෙන්වීමට විශාල විනිමයක් වැය කරන අතර ඉන් බොහෝ ඖෂධ මෙරට දී නිෂ්පාදනය කළ හැකි බැවින්  ඊට අවශ්‍ය පසුබිම කඩිනමින් සැකසීමේ වගකිම ද ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරෙනවා.

කෘෂිකර්මාන්තයට අවශ්‍ය බීජ වර්ග රැසක් මෙරටදීම නිෂ්පාදනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top