රාත්‍රී 8 සිට දිවයින පුරා ඇඳිරි නීතිය
Wednesday, 06 May 2020 - 20:10 | Views - 785
අද රාත්‍රී අටේ සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවෙනවා
මේ අතර ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ සිය දෛනික වැඩකටයුතු ඉටුකිරීමේදි වැඩිහිටියන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි දැනුම් දෙනවා.
මේ අතර ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ශ්‍රී පාද වන්දනාවේ පැමිණීම හේතුවෙන් අත්අඩංගුවට ගත් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුලූ සැකකරුවන් හයදෙනෙකුට අද හැටන් මහේස්ත්‍රාත්වරයා රුපියල් 1,600 බැගින් දඩ නියම කළා.
එසේම නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීමේ වරදට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුලූ අටදෙනෙකුද ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.
මත්පැන් ප්‍රවාහනය කරමින් සිටියදී හලාවත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුද අද ලොරි රථයක් සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ මාදම්පේ රෝහල අසළ මාර්ග බාධකයේදියි.
Share This Article