කොරෝනා ආසාදනය වී මියගිය මෝදර කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් PCR පරීක්ෂණයට
Wednesday, 06 May 2020 - 11:32 | Views - 754
කොළඹ, මෝදර මෙත්සද සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිට කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මියගිය කාන්තාව ඇසුරු කළ පුද්ගලයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සදහා සාම්පල ලබා ගැනීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
පළමු මට්ටමේ ආශ්‍රිතයන් 60 දෙනෙකුට අධික පිරිසකට මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවයි කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සසංක රණසිංහ කියා සිටියේ.
ඊයේ දිනයේදී ඇගේ පවුලේ සාමාජිකයින්ගෙන් සාම්පල් ලබා ගැනීම සිදුකෙරුණා.
Share This Article