එක් පවුලකට පාන් 10ක් - ඇෆ්ගනිස්ථානය තුල නොමිලේ පාන් බෙදාදීම අරඹයි
Wednesday, 06 May 2020 - 11:22 | Views - 652
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු අඩාල වීම සහ ආහාර මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඇෆ්ගනිස්ථානය තුල විශාල පිරිසකට පාන් නොමිලේ බෙදාදීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

එහි පළමු පියවර වශයෙන් කාබුල් අගනුවර පවුල් 250,000 කට නොමිලේ පාන් බෙදා දීමටයි එරට බලධාරීන් පියවර ගත්තේ.

ඒ, අනුව එක් දිනකදී 'නාන්' වර්ගයේ පාන් දහයක් එක් පවුලකට හිමිවෙනවා.

එරට බලධාරීන් පවසන්නේ භාණ්ඩ මිල ගණන් ඉහළ ගිය අනෙකුත් ප්‍රදේශ සහ නගරවලට ද නොමිලේ පාන් බෙදාදීමට කඩිනමින් ආරම්භ කරන බවයි.

ඇෆ්ගනිස්ථානය තුල පසුගිය අප්‍රේල් මාසයේ ආහාර උද්ධමනය 16.7% ක් ලෙස වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇෆ්ගනිස්තානයේ මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 3,224ක් වාර්තා වන අතර එරට තුල කොවිඩ් මරණ 95ක් වාර්තා වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top