කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 27 දෙනෙකු පිටව යයි
Wednesday, 06 May 2020 - 10:47 | Views - 629
නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කළ තවත් 27 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද පිටව ගියා.
ඔවුන් කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ වන විට පුද්ගලයින් 5136 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර, නිරෝධායන මධ්‍යස්ථාන තුළ තවත් පුද්ගලයින් 4880 දෙනෙකු මේ වන විටත් රදවා සිටිනවා.
Share This Article