මහමැතිවරණය පැවැත්වීම සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් යටතේ
Wednesday, 06 May 2020 - 10:16 | Views - 586
ඉදිරි මහමැතිවරණයේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් සකස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
එම යෝජනාවලිය සෞඛ්‍ය අංශවල මඟ පෙන්වීම යටතේ සකස් කෙරෙන බවයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මැතිවරණ රාජකාරිවල නිරත වන නිලධාරීන්ගේ සහ ඡන්දදායකයින්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවදානයක් යොමු කරන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.
මහමැතිවරණය ලබන ජුනි 20 වන දා පැවැත්වීමටයි මැතිවරණ කොමිසම සැලසුම් කර ඇත්තේ.
Share This Article