ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කරයි
Wednesday, 06 May 2020 - 10:12 | Views - 1,209
මෙරට අපනයන කර්මාන්තය නගා සිටුවීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතියකට ලොව පුරා ගමනාන්ත 27ක් වෙත සිය ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.
එළඹෙන 18 වනදා සිට දියත් කෙරෙන මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානා මගින් යුරෝපයේ ලන්ඩන්, ෆ්‍රැන්ක්පර්ට්, චීනයේ බීජිං, ෂැංහයි, ග්වැන්ෂෝ, කැන්ටන්, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, සිංගප්පූරුව, ජපානයේ ටෝකියෝ, නරීටා, දෝහා, ඩුබායි, මාලේ, ඩකා වැනි ගමනාන්ත කරා රැගෙන යාමට නියමිතයි.
මේ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ 320 සහ ඒ 330 එයාර් බස් වර්ගයේ නවතම ගුවන් යානා යෙදවීමට අපේක්ෂා කරනවා.
Share This Article