වේගය පාලනය කර ගැනීමට නොහැකිව සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරක
Wednesday, 06 May 2020 - 10:10 | Views - 931
අධික වේගයෙන් ධාවනය වූ සුඛෝපභෝගී වෑන් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ ගසක වැදීමෙන් යාපනය, කයිට්ස් ප්රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (05) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් වෑන් රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
තුවාල ලැබූ රියදුරු යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share This Article