ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම් දීමක්
Wednesday, 06 May 2020 - 9:57 | Views - 649
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුුදු ප්‍රදේශවල තද වැසි සමඟ සුළගේ වේගය පැයට කිලෝමීටර් 80ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ පිළිබදව ධීවර සහ නාවික ප්‍රජාව ඉතා අවදානයෙන් කටයුතු කරන ලෙසයි දැනුම් දෙන්නේ.
එමෙන්ම, ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article