ජනපති, යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රමවේද ගැන විමසයි
Wednesday, 06 May 2020 - 8:01 | Views - 852

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය මැයි 11 වනදා සිට යථා තත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුළුල් ලෙස විමසීමට ලක් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පළාත් ආණ්ඩුකාරවරු සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති විශේෂ හමුවේදී ජනාධිපතිවරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වූ බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුකූලව රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සියලූ සේවා ඇරඹීමට පියවර ගත යුතු බවයි ජනාධීපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
මෙහිදී ආයතන ක්‍රියාකාරීත්වය පිළිබඳව සවිස්තරාත්මක සැළසුම් සෞඛ්‍ය අංශවලට ඉදිරිපත් කරන ලෙස ද දැනුම්දී තිබෙනවා.
පොදු ප්‍රවාහන කටයුතු නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වාගෙන යාමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
නිවසේ සිට වැඩ කිරීමේදි ඇතැම් ආයතන පුළුල් පරාසයක සේවා සපයා ඇති බැවින් එය ඉදිරියට ගෙන යමින් ඊමේල් සහ කෙටි පණිවුඩ භාවිතයෙන් තොරතුරු ලබාගැනීමටත්, ඒවාට පිළිතුරු ලබාදීමටත්, ඊට නෛතික භාවයක් දෙන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශ මත ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීමේ හැකියාව සොයාබැලීමටද මෙහිදී තීරණය වී තිබෙනවා. එහිදි ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ සෞඛ්‍ය ආශ්රිත ගැටළු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
මේ අතර, තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාළව කඩිනමින් නිකුත් කිරීමට බලාරොත්තු වන උපදේශන මාලාව අනුව අදාළ සහතිකය ලබා ගැනීමෙන් පසුව පමණක් එම ස්ථාන යළි විවෘත කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අවධාරණය කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ රූපලාවන්‍යාගාර සහ කොණ්ඩා කපන ස්ථාන පවත්වාගෙන යන පුද්ලයින් තම ආයතන පිහිටා තිබෙන ප්‍රදේශය අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් අදාළ උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කළ යුතු බවයි.
ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂා කිරීම් සිදුකරන බව ද එහි දැක්වෙනවා. සෞඛ්‍ය අංශ නිකුත් කරන උපදෙස් මාලාවට අනුව රූපලාවන්‍යාගාර සහ කොණ්ඩා කපන ස්ථාන යළි විවෘත කිරීමට අනුමැතිය ලබාදෙන්නේ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින්.
එම සහතිකය ලබා ගන්නා තෙක් දිවයිනේ කිසිදු රූපලාවන්‍යාගාරයක් හෝ කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත කිරීමට උත්සාහ නොකළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ.
Share This Article