එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාලතම නගරවලින් එකක් වන සාජා හි මහල් 48 කින් යුත් ඇබ්කෝ කුළුණේ (Abbco Tower) බරපතළ ගින්නක් හටගෙන තිබෙනවා.
අහස උසට ගිනි දැල් විහිදුන මෙම ගින්නෙන් , පහත වීදි පවා වැසී තිබුණා.
ගිනි නිවන වාහන සහ ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයක් භාවිතා කරමින් ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයින්විශාල සංඛ්‍යාවක් උත්සහ ගනිමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
තුවාල ලැබූවන් හෝ ගින්න ඇතිවීමට හේතුව පිළිබඳව එම වාර්තාවල සඳහන් වී තිබුනේ නැහැ.