ඊයේ හමුවු ආසාදියින් 20 දෙනෙකු අතරින් 15 දෙනෙකු නාවික හමුදාවේ බව යුද හමුදාපති කියයි
ඊයේ මෙරටින් හමුවූ කොවිඩ්-19 ආසාදිතයින් 20 දෙනෙකු අතරින් 15 දෙනෙකු නාවික හමුදාවේ සෙබළුන් බව යුද හමුදාපතිවරයා සඳහන් කරනවා.
ඊයේ මෙම ආසාදියින් 20 දෙනා හමුවීමත් සමඟ මෙරට කොරෝනා මුළු සංඛ්‍යාව 771 දක්වා ඉහළ ගියා.
මේ වන විට හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් 549 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
ප්රතිකාරවලින් පසු සුවය ලැබූ 213 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 9ක්.