සහතිකය ලබා ගන්නා තෙක් දිවයිනේ කිසිදු රූපලාවන්‍යාගාරයක්, කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත නොකරන ලෙස දැනුම් දීමක්
තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාලව, කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන උපදේශන මාලාව ( Guidelines ) අනුව අදාල සහතිකය ලබාගැනීමෙන් පසුව පමණක් එම ස්ථාන යළි විවෘත කල යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරනවා.
එම සහතිකය ලබා ගන්නා තෙක් දිවයිනේ කිසිදු රූපලාවන්‍යාගාරයක්, කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත කිරීමට උත්සහ නොකල යුතු බවයි ඔහු පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් ඔහු නිකුත් කළ සම්පුර්ණ නිවේදනය මෙසේයි.