අද මියගිය කොරෝනා ආසාදිත කාන්තාවගේ සැමියා ත්‍රිරෝද රථයකින් බේකරි නිෂ්පාදන අලෙවිකරලා
Tuesday, 05 May 2020 - 20:27 | Views - 7,144

කොරෝනා අද මියගිය කාන්තාවගේ සැමියා පසුගියදිනවල ත්‍රිරෝද රථයකින් බේකරි නිෂ්පාදන අලෙවිකරලා
මෙරට 9 වන කොරෝනා මරණය අද වාර්තාවුණා.
එසේම මෙතෙක් ආසාදිතයන් වාර්තා නොවූ කොළඹ ස්ථාන හතරකින් කොරෝනා රෝගීන් හමුවූ අතර, මෝදර - මෙත්සඳ නිවාස සංකීර්ණයෙන් වාර්තාවූ 44 හැවිරිදි ආසාදිත කාන්තාව අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදීයි ජීවිතක්ෂයට පත්වුුණේ.
මෙම කාන්තාව ඊයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වුණා.
මීට අමතරව තවත් දෙදෙනෙකුට අද දිනයේ කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, ඔවුන් රාජගිරිය - බණ්ඩාරනායකපුර, කොළොන්නාව - සාලමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
එසේම කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ සේවයේ නියුතු විශේෂ ශ්‍රේණියේ හෙද පාලිකාවකටද කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව අද වාර්තා වුණා.
මෙරට 9 වන කොරෝනා මරණය වාර්තා කරමින් අද ජීවිතක්ෂයට පත්වූ මෝදර - මෙත්සඳ නිවාස සංකීර්ණයේ 13 වන මහලේ පදිංචිව සිටි කාන්තාවට වෛරසය වැළඳුනු ආකාරය මෙතෙක් හෙළිවී නැහැ.
ඇය සමීප සබඳතා පැවැත්වූ පිරිස්ද නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
මෝදර මහජන සෞඛ්‍ය පරීක්ෂක ෂෙහාන් අතුකෝරාල කියා සිටියේ මියගිය කාන්තාවගේ සැමියා පසුගිය දින කිහිපයේ අවට ප්‍රදේශවල ත්‍රිරෝද රථයකින්, බේකරි නිෂ්පාදන අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිට ඇති බවයි.
මේ අතර රාජගිරිය - බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි අනෙක් ආසාදිතයා ත්‍රිරෝද රථ රියදුරෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ අයෙකු වන මොහුටද රෝගය වැළඳුණු ආකාරය සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් වාර්තාවී නොමැති බව අප කළ විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගූ කියා සිටියා.
කොළොන්නාව - සාලමුල්ල ප්‍රදේශයෙන් අද හඳුනාගත් කොරෝනා ආසාදිතයා 31 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර, ඔහු කොළොන්නාව විවිධ සේවා සමූපකාර සමිතියෙහි රියදුරෙකු වශයෙන් සේවය කර තිබෙනවා.
මෙම පුද්ගලයාටද වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව මෙතෙක් තොරතුරක් වාර්තාවී නැහැ.
ඔහු මීට පෙර පී.සී.ආර් පරික්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වූ බව තහවුරු නොවීම විශේෂත්වයක්.
පසුව යළි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති මෙම තරුණයා එහිදී සිදුකළ පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැණුනා.
ඒ අනුව ඔහු ඇසුරු කළ සමීපතමයන් 27 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
මෙම ආසාදිතයා භාණ්ඩ බෙදාහැරීමේ කටයුතුවලට මෙන්ම පසුගියදා තවත් පිරිස් සමඟ එක්ව මත්පැන් සාද වලට සහභාගි වී ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.
මීට අමතරව ඔහු පදිංචිව සිටි සාලමුල්ල - ස්වීටිගේ වත්ත සහ බන්ට් එක පහළ වත්ත යන ප්‍රදේශ හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම ඔහු සේවය කළ කොළොන්නාව විවිධ සේවා සමූපකාරයද විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ අද දිනයේ මේ වනවිට පුද්ගලයන් 138 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි.
කොරෝනා වැළඳී ඇති බවට අද තහවුරු වූ කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද පාලිකාව මාළඹේ පදිංචිකාරිනියක් වන අතර, ඇය දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පවතින තත්ත්වය සලකා කඩිනමින් කොළඹ ජාතික රෝහලට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ හැකි රසායනාගාරයක් ලබාදෙන ලෙසයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ඉල්ලා සිටියේ.
මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 755 ක් ලෙස වාර්තාවන අතර, තවත් නාවික හමුදා සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් 197 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 549 ක්.
කෙසේ වෙතත්, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ මෙරට කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 50 කට රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති බවයි.
Share This Article