ප්‍රංශයේ පළමු කොරෝනා රෝගියා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ හමුවූ බව හෙළිවෙයි
Tuesday, 05 May 2020 - 20:22 | Views - 646
ප්‍රංශයේ පළමු කොරෝනා රෝගියා වාර්තාවන්නේ දෙසැම්බර් මාසයෙන් බව අනාවරණය වීමත් සමඟ ලොවපුරා අවධානය ඒ වෙත යොමුව තිබෙනවා.

මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇත්තේ කලක සිට ප්‍රංශයේ වෙසෙන ඇල්ජීරියානු ජාතිකයෙක් හටයි.

මීට පෙර ප්‍රංශයේ පළමු කොරෝනා රෝගියා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූයේ ජනවාර් 24 වනදායි.

විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ ඒ අනුව කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් මේ වනවිට ලෝකයේ අවධානය වෙනත් මානයකට යොමුව ඇති බවයි.

ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන් විසින් ජනවාරි මාසයට පෙර ස්වසන රෝග ආශ්‍රිත රෝගීන් ආශ්‍රයෙන් සිදුකරන ලද පරීක්ෂණවලට අනුවයි මෙම නව අනාවරණය සිදුව ඇත්තේ.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේ නිව්මෝනියාවට ප්‍රතිකාර ලැබු රෝගීන්ගේ සාම්පල නැවත පරීක්ෂා කිරීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර මෙම රෝගියා චීනයේ සංචාරයක් සිදුකර නොමැති බවද එම වාර්තාවල දැක්වෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ බිරිඳ ගුවන්තොටුපොළේ සේවිකාවක් බව සඳහන් වන අතර ඇතැමුන් පවසන්නේ කොරෝනා රෝගය ඇයගෙන් බෝ වීමට ඇති බවයි.

මේ වනවිට ලොවපුරා පවතින විශ්වාසය වන්නේ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් පළමු වරට කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ බවත් එය මෙම වසරේ ජනවාරි මාසය තුලදී ලොවපුරා පැතිර ගිය බවටයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top