තාවකාලිකව වසා දැමූ කටුනායක ගුවන්තොටුපොළ නැවත ඇරෙන හැටි මෙන්න
Tuesday, 05 May 2020 - 17:26 | Views - 3,522
සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන් තොටුපලේ කටයුතු සහ ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සමඟ එම අමාත්‍යාංශයේදී අද පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසුව සෞඛ්‍ය අංශ ලබාදෙන නිර්දේශ සහ ජාත්‍යන්තර ගුවන් නීතිරීතිවලට අනුකූලව මෙම කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.
සංචාරක සහ ගුවන් සේවා ක්ෂේත්රවලට අදාළව ඒකාබද්ධ සැළසුමක් සැකසීම පිළිබඳවද එහිදී අවධානය යොමුවී තිබෙනවා.
Share This Article