අද රාත්‍රියේ පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි
Tuesday, 05 May 2020 - 17:13 | Views - 662
ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද රාත්‍රි කාලයේදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, දකුණ, ඌව සහ උතුරු මැද පළාත්වලට මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත්, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා.
Share This Article