ජුනි 1 පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍ය කිසිදු තීරණයක් ගෙන නැහැ
Tuesday, 05 May 2020 - 16:47 | Views - 1,780
ජුනි 1 දින වන විට සියලු ශ්‍රේණිවල දරුවන් සඳහාත් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවට, ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් වාර්තා කර ඇති ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.
නැවත පාසල් විවෘත කරන දිනය, සහ විවෘත කරන ආකාරය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා රජය විසින් ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අනුකූලව සිදුකිරීමට නියමිතයි.
Share This Article