රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන යළි විවෘත කිරීමට උපදෙස්
Tuesday, 05 May 2020 - 16:26 | Views - 2,231

කොරෝනා ආසාදනය වීමෙන් මියගිය මෙරට 09 වැන්නා වූ කාන්තාව, මසක පමණ කාලයක් රෝගී වී නිවසේ රැඳී සිට ඇති බවට තොරතුරු වාර්තාවනවා.
කෙසේ වෙතත් දින දෙකකට පෙර ඇයගේ රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලට තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.
ඒ අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රූපලාවන්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයින්ගේ සහභාගාගීත්වයෙන් ඊයේ දින (04) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුනු විශේෂ සාකච්ඡාවකදීයි.
මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ රජය විසින් තාවකාලිකව වසාදැමීමට පියවර ගත් රූපලාවන්‍යාගාර නැවත විවෘත කිරිමට අදාලව සහ රූපලාවන්‍යාගාර ක්ෂේත්රයට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදනය කිරිමට නියමිත නිති පද්ධතිය ඇතුලත් මාර්ගෝපදේශණය සදහා ප්‍රායෝගික ගැටලු හදුනා ගනිමින් නව කරුණු එකතු කිරිමයි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් උපදෙස් දෙමින් කියා සිටියේ රූපලාවන්‍ය ක්ෂේත්රයට අදාලව නීති සම්පාදනය වෙනත් කිසිදු ආයතනයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ම පමණක් සිදු කරන බවයි.
එමෙන්ම දෛනිකව සේවා සැපයීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් ලබා දෙනු ලැබු කොණ්ඩා කැපීම ඇතුලු අත්‍යාවශ්‍යම සේවාවන් පමණක් ලබාදීමට කටයුතු කරන ලෙසයි එහිදී වැඩිදුරරටත් සඳහන් වූයේ.
නිසි ඉඩ ප්‍රමාණයන් තබාගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙනු ලබන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අකුරටම අනුගමනය කරමින් සේවා සැපයීමට කටයුතු කරන ලෙස ද එහිදී දන්වා සිටින ලදි.
එමෙන්ම ඉදිරියේ දී රුපලාවන්‍යාගාර සේවා ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අදාලව පිළිපැදිය යුතු උපදෙස් ඇතුලත් මාර්ගෝපදේශණයක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කොට ඇති බවත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා එම කටයුතු නිරීක්ෂණය කිරීමට ද කටයුතු කරන බව ද දන්වන ලදි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය -
“රූපලාවන්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයින් සමග අද දින සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඔවුන්ගේ ඉල්ලීම වුයේ රූපලාවන්‍යාගාර ආරම්භ කිරිම සදහා රජයේ සහයෝගය ලබාදෙන ලෙසයි. එම සියළු ඉල්ලීම් පිළිබද අවධානය යොමු කොට රූපලාවන්‍යාගාර විවෘත කිරිමට අවස්ථාව ලබාදුන්නා. රජය සහ සෞඛ්‍ය අංශ විශාල කැප කිරීමක් සිදු කර ලෝකයේ මෙම රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් තිබුනත් ලංකාව තුල මේ රෝග තත්ත්වය පාලනය කර ගත හැකි තත්ත්වයකට පත්ව ඇති බව ඔවුන් ද පෙන්වා දුන්නා. ක්ෂේත්රයේ ප්‍රවීණයින්ගේ ඉල්ලීමට අනුව මෙම අවසරය ලබාදුන්නත් මේ අවස්ථාවේ රට ගැන හිතලා ඉතා වගකීමකින් සේවා සපයන ලෙස අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය තබා ගනිමින්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය සදහා ඔබ ආයතනයට පැමිණෙන පුද්ගලයින්ට අවස්ථාව සළසා දෙමින් එම සේවාවන් ලබාදීමට කටයුතු කරන්න.”
තුලත් කර තිබෙනවා.
එහිදී සිදුකල පරීක්ෂාවන්වලදී ඇයට කොරෝනා ආසාදනය වී ඇතිබව තහවුරු වීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත යොමුකර ඇති බවයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි අපවෙත සඳහන් කළේ.
අනතුරුව අද දහවල් ඇය රෝගය උත්සන්න වීම හේතුවෙන් එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මෙලෙස මියගොස් ඇති කාන්තාව කොළඹ 15 - මෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක අයෙක් බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.
Share This Article