09 වැනියා ලෙස කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාව මාසයක් ගෙදර බලාගෙන ඉඳලා
Tuesday, 05 May 2020 - 16:24 | Views - 2,911
කොරෝනා ආසාදනය වීමෙන් මියගිය මෙරට 09 වැන්නා වූ කාන්තාව, මසක පමණ කාලයක් රෝගී වී නිවසේ රැඳී සිට ඇති බවට තොරතුරු වාර්තාවනවා.
කෙසේ වෙතත් දින දෙකකට පෙර ඇයගේ රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
එහිදී සිදුකල පරීක්ෂාවන්වලදී ඇයට කොරෝනා ආසාදනය වී ඇතිබව තහවුරු වීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත යොමුකර ඇති බවයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි අපවෙත සඳහන් කළේ.
අනතුරුව අද දහවල් ඇය රෝගය උත්සන්න වීම හේතුවෙන් එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මෙලෙස මියගොස් ඇති කාන්තාව කොළඹ 15 - මෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක අයෙක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.
Share This Article