කොරෝනා හමුවේ අසරණ වූ ඇමරිකාව, විශාල ණයක් ගැනීමේ සුදානමක්
Tuesday, 05 May 2020 - 15:14 | Views - 1,077
කොරෝනා වෛරසය මර්දනය කිරීම සහ පාලනය කිරීම මෙන්ම ව්‍යාපාර ණය සහන ඇතුළු ඊට අදාළ වියදම් සඳහා ඩොලර් ටි‍්‍රලියන 3ක ණය ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සැලසුම් කරනවා.
මේ වසරේ දෙවන කාර්තුව තුළ අදාළ ණය මුදල ලබා ගැනෙන්නේ රජයේ බැඳුම්කර ලොව පුරා ආයෝජකයන් වෙත අලෙවි කිරීමෙන්.
මෙය 2008 වසරේ මූල්‍ය අර්බුදය හමුවේ කාර්තුවකදී ලබා ගත් වාර්තාගත ණය මුදල මෙන් 5 ගුණයක් වීම විශේෂත්වයක්.
මේ අනුව ඇමරිකා එක්සත් ජනපද රජයේ මුළු ණය ප්‍රමාණය ඩොලර් ටි‍්‍රලියන 25 ඉක්ම වනවා.
69,000 ඉක්ම වූ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මෙන්ම දොලොස් ලක්ෂය ඉක්ම වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ ද ඇමරිකා එක්සත් ජනපදයෙන්.
ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව කොරෝනා මරණ 1015ක් වාර්තා වී ඇති අතර, එය මසකින් සටහන් වූ දිනෙක අඩුම කොරෝනා මරණ සංඛ්‍යාවයි.
Share This Article