කොරෝනා මැඬ පැවැත්විය හැකි ප්‍රතිදේහයක් විද්‍යාගාරයේ නිපදවයි
Tuesday, 05 May 2020 - 14:06 | Views - 1,753
නව කොරෝනා වෛරසය මැඬ පැවැත්විය හැකි ඒකෙසෙලීය ප්‍රතිදේහයක් විද්‍යාඥයන් විසින් පරීක්ෂණාගාරයේදී නිර්මාණය කර තිබෙනවා.
එමගින් සෛල පටක තුළ පවතින වෛරසය නිශ්ක්‍රීය කිරීමට හැකියාවක් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
කෙසේ නමුත්, මෙය මුලින් සතුන් සඳහා පරීක්ෂා කොට මානව පරීක්ෂාවන් සඳහා යොමු කළ යුතු බවයි විද්‍යාඥයන් පවසන්නේ.
මෙම ප්‍රතිදේහය තනිව හෝ ඖෂධ සංයෝජනයක් සහිතව ලබාදීමෙන් කොරෝනා වෛරසය සහ ඊට සමාන අනෙකුත් වෛරස ඉදිරියේදී මැඬ පැවැත්වීමට හැකි වනු ඇති බව ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු මෙම පර්යේෂණ වාර්තාවේ දැක්වෙනවා.
Share This Article